menu

Sunday, December 18, 2016

ස්ටීම්ඩ් ස්පොන්ජ් කේක් ( Steamed spong cake)

HOW TO COOK STEAMED SPONGE CAKE

 For recipe see the video description below 








ස්ටීම්ඩ් ස්පොන්ජ් කේක්

අවශ්‍ය අමුද්‍රව්‍ය:

පාන් පිටි -  කෝප්ප 2
පවුඩර් කරගත් සීනි - කෝප්ප 1 1/2යි
(සාමාන්‍ය සීනි ග්‍රයින්ඩ් කරගන්න )
එළවළු තෙල් කෝප්ප 1 යි.
එළකිරි කෝප්ප 1/4
බිත්තර 5යි
වැනිලා තේ හැඳි 3යි
බේකින් පවුඩර් 1 1/2යි.
ලුණු මේස හැඳි  1/2යි.

අවශ්‍ය උපකරණ:

ප්‍රෙෂර් කුකරයක්

ප්‍රෙෂර් කුකරය ඇතුලත තැබිය හැකි ප්‍රමාණයේ කේක් තැටියක්

ප්‍රෂර් කුකරය අඩියට දැමීමට හොඳින් සෝදා වේලා ගත් වැලි.



මුලින්ම පිටි සහ බේකින් පවුඩර් එකට කලවම් කර පෙනේරයකින් භාජනයකට  හලාගන්න.

දැන් මේ පිටි මිශ්‍රණයට එළවළු තෙල් කෝප්පය එක් කර කැට නොහිටන සේ හොඳින් කළවම් කර පසෙකින් තබා ගන්න.

දැන් වියළි පිරිසිඳු භාජනයකට බිත්තර 5 දමා හොඳින් බීට් කරගන්න.

මේ සමඟම ග්‍රයින්ඩ් කරගත් සීනි ,ලුණු  සහ වැනිලා එක් කර නැවත බීට් කරගන්න.

ඉන්පසු කලින් සාදාගත් පිටි මිශ්‍රණය එක් කර හොඳින් කලවම් කරගන්න.

මේ සමඟම එළ්කිරි ටිකද  කලවම් කරගන්න.

දැන් ස්ටීම්  කිරීමට ගන්නා කේක් තැටිය මතුපිට තෙල් ටිකක් ආලේප කරගෙන එයට සාදාගත් බැටරය දමා ගන්න.

දැන් ප්‍රෙෂර් කුකරය ගෙන එහි අඩියට කලින් හොඳින් සෝදා වේලාගත් වැලි තට්ටුවක් දමා මට්ටම් කරගන්න.

ඉන්පසු ප්‍රෙෂර් කුකරයේ මූඩිය වසා ගෑස් ලිපේ ගින්දර වැඩිකර විනාඩි 5ක් තබන්න.මෙහිදී ප්‍රෙෂර් කුකරයේ හුමාලය පිටවීම වලක්වන බරුව ඉවත්කර රත්කරගත යුතුය.

විනාඩි 5කට පසු ප්‍රෙෂර් කුකරයේ පියන ඇර ඇලුමීනියම් භාජනයක් වසන පියනක් තබා කේක් තැටිය තැබීම සඳහා මට්ටම් කරගන්න.

ඉන්පසු කේක් මිශ්‍රණය සහිත කේක් තැටිය ප්‍රෙෂර් කුකරය තුලින් සීරුවෙන් තබා ගන්න.

දැන් පියනෙන් වසා විනාඩි 35ක් මද ගින්නේ බේක් කරගන්න.

කිසි විටකත් හුමාලය පිටවන සිදුර වසන්න එපා.

පැය භාගයකට පසු ලිප නිවා භාජනය ඇර කේක් එක ඉවත් කරගන්න.

ලිපෙන් බා ගත් පසු කේක් එක මෙලෙස ඔබට දිස් වේවි.

No comments:

Post a Comment