menu

කැරිබියන් පම්ප්කින් රයිස් (pumpkin rice) /HOW TO COOK CARIBBEAN PUMPKIN RICE

HOW TO COOK CARIBBEAN PUMPKIN RICE

 For recipe see the video description below

කැරිබියන් පම්ප්කින් රයිස්

අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය:
බාස්මතී සහල් ග්‍රෑම් 600
වට්ටක්කා ග්‍රෑම් 250
ලොකු ප්‍රමාණයේ කැරට් අලයක් (සිහින්ව ග්‍රේට් කරගන්න )
ලොකු ලීක්ස් ගසක්(කුඩා කැබලි වලට කපා ගන්න )
රටලූණු (කුඩා කැබලි වලට කපා ගන්න )
සුදු ලූණු
කරපිංචා ,කොත්තමල්ලි කොළ(තිබේනම් පමණක්)
ලුණු
ගම්මිරිස් කුඩු
කජු සහ මුද්දරප්පලම්
පොල් කිරි මිලිලීටර් 180
රයිස් කුකර් එකක්



පෑන් එකක් ලිප තබා ගන්න.

මද ගින්නේ තරමක් රත් වෙද්දී එයට වෙජිටබල් ඔයිල් හෝ පොල් තෙල් හෝ ඔලිව් ඔයිල් ස්වල්පයක් දමා ගන්න.

දැන් මෙයට කපා ගත් රටලූණු ගෙඩියක් සහ සුදු ලූණු බික් දෙකක් දමා බැදෙන්න හරින්න.

මෙයටම මධ්‍යම ප්‍රමාණයේ කපා ගත් ලීක්ස් ගසක් දමා ලිපේ ගින්දර අඩු කර මදක් තෙම්පරාදු වෙන්නට හරින්න.

මෙයටම ලුණු ස්වල්පයක් සහ අලුතින් කුඩු කරගත් ගම්බිරිස් කුඩු ස්වල්පයක් දමා ගන්න.

මෙහිදී මොවුන් තයිම් කොළ යොද ගත්තද ඔබට ඒ වෙනුවට කරපිංචා හෝ කොත්තමල්ලි කොළ යොදා ගත හැක.

දැන් මෙයට කුඩාවට කපා ගත් වට්ටක්කා ටික දමන්න.

මෙහිදී සම්පූර්ණයෙන්ම වට්ටක්කා උයනවාට වඩා එහි තිබෙන තද ගතිය ඉවත්ව යම් මෙලෙක් ගතියක් වෙනතුරු රත් කර ගැනීම පමණක් සිදු කෙරේ.

බතෙහි වර්ණය වැඩි කර ගැනීම සඳහා කහ කුඩු ස්වල්පයක් එකතු කරන්න.

ඉන්පසු ලිප නිවා කලින් කුඩාවට ග්‍රේට් කරගත් කැරට් ගෙඩියද එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.

දැන් කලින් සෝදා සූදානම් කරගත් බාස්මතී සහල් කෝප්ප තුන රයිස් කුකරයට දමා බත ඉදීමට අවශ්‍ය වතුර ප්‍රමාණයද එයට එක් කර  ගන්න.

දැන් කලින් භාගෙට පිස ගත් කැරට් සහ වට්ටක්කා මිශ්‍රණය රයිස් කුකරයට දමා ගන්න.

ඔබට වැඩි රසයක් සඳහා අවශ්‍ය නම් කජු හෝ මුදදරප්පලම් මේ මොහොතේදී එක් කල හැක.

ඊළඟට මෙයට උකු පොල් කිරි මිලිලීටර් 180 ක්ද දමා හැඳි ගා ගන්න.

ඉන්පසු රයිස් කුකරය ඔන් කර බත ඉදෙන්නට හරින්න.

බත ඉදීමේදී පොල්කිරි නිසා බුබුලු නගී.එවිට එක් වරක් පියන ඇර හැඳි ගා නැවත පියන වසා බත ඉදෙන්නට හරින්න.

රයිස් කුකරය නිවුනු පසු පියන ඇරීමට පළමුව එලෙසම තවත් විනාඩි 10ක් පමණ රස්නෙන් තිබෙන්නට හරින්න.

අවසානයේ මෙලෙස ඔබට දිස් වේවි.

No comments:

Post a Comment