අර්තාපල් වඩේ ( අල වඩේ ) වඩේ වඩේ අල වඩේ වඩෙයි
අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය
තම්බපු අල ග්‍රෑම් 250
කඩල පිටි මේස හැඳි 4යි
සිහින්ව කපාගත් රතුලූණු හෝ රටලූණු මේස හැඳි 3යි
ඉතා සිහින්ව කපා ගත් අමු මිරිස් තේ හැඳි 1යි
සිහින්ව තලා ගත් ඉඟුරු තේ හැඳි 1/2යි
කුඩාවට කපා ගත් කොත්තමල්ලි කොළ මේස හැඳි 4යි.
කොත්ත මල්ලි කොළ වෙනුවට අවශ්‍ය නම් කරපිංචා සහ මැල්ලේ කොළ හොදා ගත හැක.
සූදුරු තේ හැඳි 1/2යි.
කහකුඩු තේ හැඳි 1/4යි
රස අනුව ලුණු
වඩේ බැදීම සඳහා පොල්තෙල් හෝ එළවළු තෙල්
සාදන ක්‍රමය
භාජනයකට තම්බා ගත් අල ටික දමා හොඳින් පොඩි කරගන්න.
දැන් මෙයට කඩල පිටි ටික දමන්න.
පිළිවෙළින් කපාගත් ළුූනු , කොත්තමල්ලි සහ කරපිංචා කොළ,ඉඟුරු , අමු මිරිස්, සූදුරු,කහකුඩු සහ රස අනුව ලුණු එකතු කරන්න.
දැන් ඉතා හොඳින් මිශ්‍ර කරගන්න.
දැන් මෙම මිශ්‍රණය අතේ ඇලෙන බැවින් එය වැලැක්වීම සඳහා අතේ තෙල් ස්වල්පයක් තවරා ගන්න.
දැන් අතට මේස හැඳි දෙකක පමණ ප්‍රමාණයක් මිශ්‍රණයෙන් අත්ලට ගෙන බෝලයක් මෙන් සාදා පසුව පැතලි වන සේ තලා ගන්න.
දැන් තෙල් රත් වන විට සාදා ගත් වඩේ එකින් එක තාච්චියට දමා රන්වන් පැහැ වනතුරු බැදගන්න.
අවශ්‍ය වන විටදී තෙල් වල උෂ්ණත්වය පාලනය කර ගැනීමට ලිපේ දැල්ල අඩු වැඩි කරගන්න.
විනාඩි 5ක් පමණ බෑදීම සෑහේ.
දැන් තෙල් පෙඟීමට ටිෂූ කඩදාසියක් මත තබන්න.
වඩේ ලෑස්තියි...................:)

No comments:
Post a Comment