For recipe see the video description below..
අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය
1) සුදු කැකුලු ග්‍රෑම් 500
2) පොල් ග්‍රෑම් 50ක්
3) බත් මේස හැඳි 2ක්
4) කුඩු කරගත් කරදමුංගු මේස හැඳි 1 ක්
5) ඊස්ට් මේස හැඳි 1ක්
6) සීනි මේස හැඳි 1/2 ක්
7) කජු සහ මුද්දරප් පලම්
8) ස්ටීමරයක් සහ තැටියක්
සුදු කැකුලු ග්‍රෑම් 500ක්( දෙදෙනෙක් සඳහා ) හොඳින් සෝදා පැය 4ක් හොඳින් පෙඟෙන්නට හරින්න.
ඉන්පසු පැය 4ක් පමණ පොඟවා ගත් සුදු කැකුලු සහල්වල තෙත හිඳවා ගන්න.
මීළඟට තෙත සිඳවා ගත් කැකුලු සහල් බ්ලෙන්ඩරයට දමා වතුර කෝප්පයක ප්‍රමාණයක් සමඟ හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න.(වතුර වැඩි කරගන්න එපා)
දැන් මේ මිශ්‍රනය සඳහා කලින් සූදානම් කර ගත් පොල් ග්‍රෑම් 50ක්,බත් මේස හැඳි 2ක්,කුඩු කරගත් කරදමුංගු මේස හැඳි 1 ක්, ඊස්ට් මේස හැඳි 1ක් සහ සීනි මේස හැඳි 1/2 ක් දමා නැවත බ්ලෙන්ඩ් කරගන්න.
ඉන්පසු මිශ්‍රණය පිරිසිඳු භාජනයකට දමාගන්න.
දැන් මෙයට ලුණුකුඩු මේස හැඳි කාලක් පමණ එක් කරගන්න.
නැවත හොඳින් මිශ්‍ර කරගන්න.
දැන් හොඳින් පියනකින් මිශ්‍රණය පිපෙන්නට පැය 4ක් පමණ වසා තබන්න.
දැන් පැය 4 කින් පසු හොඳින් පිපිණු මිශ්‍රණය නැවත කුරූ ගා ගන්න.
ඉන්පසු ස්ටීල් භාජනයක් (රවුම් තැටියක් ) ගෙන එහි ඇතුලත ගිතෙල් හෝ පොල් තෙල් ස්වල්පයක් ගා ගන්න.
දැන් ඔබ කලින් සූදානම් කරගත් කජු සහ මුද්දරප් පලම් සෝදා පසෙකින් තබා ගන්න.
දැන් ස්ටීමර් භාජනයට වතුර දමා රත්කර ගන්න.
හුමාලය එනවිට තෙල් ගා ගත් තැටිය ස්ටීමරයේ තබා සාදාගත් මිශ්‍රණය තැටියට වත්කරන්න
තැටියේ භාගයක් පමණක් පුරවා ස්ටීමරය වසන්න.
විනාඩි 5ක් ස්ටීම් කල පසු භාජනය ඇර කලු සහ මුද්දරප්පලම් උඩින් ඉසගන්න.
දැන් නැවතත් ස්ටීමරය වසා විනාඩි 20ක් පමණ ස්ටීම් කරගන්න.
විනාඩි 20 කින් පසු භාජනය විවෘත කර තරමක් නිවෙන්නට හරින්න.
දැන් ඉරටුවක් ගෙන මැද ඉවී ඇත්දැයි බලන්න.නැතිනම් නැවත ස්ටීම් කරන්න.
දැන් ලිපෙන් භාගන්න.
දැන් පෙර පරිදිම ඉතුරු පිටි මිශ්‍රණයද ස්ටීම් කරගන්න.
දැන් නිවෙන්නට හැර තිබූ රයිස් කෙක් එක මුනින් අතට හරවා පිඟානකට දමා ගන්න.
දැන් කෑලි වලට කපාගෙන රසවිඳින්න.
ඇබ්‍රෝඩ් අපේ වැඩක්

No comments:
Post a Comment