menu

Sunday, December 18, 2016

පොටෑටෝ වෙජස් ( අල පෙති බැදුම )

HOW TO COOK CARIBBEAN PUMPKIN RICE

 For recipe see the video description below
.

පොටෑටෝ වෙජස් ( අල පෙති බැදුම )

අල ග්‍රෑම් 300
කෝන් පිටි මේස හැඳි 2
පාන් පිටි මේස හැඳි 1
විනාකිරි මේස හැඳි 1
කෑලි මිරිස් තේ හැඳි 1/2
මිරිස් කුඩු තේ හැඳි 1/4
බැසිල් කුඩු තේ හැඳි 1/4 හෝ වියලි කරපිංචා කුඩු තේ හැඳි1/4
රස අනුව ලුණු සහ තල ඇට

ගැඹුරු තෙලේ බැදීම සඳහා පොල් තෙල් හෝ එළවලු තෙල්
අර්තාපල් සිහින් තීරු වලට කපා ගන්න.
දැන් වතුර බෝතලයක පමණ ප්‍රමාණයක් භාජනයක් ලිප තබා රත් කරගන්න.
වතුර රත්වෙන විට එයට කපා ගත් අලකැබලි දමන්න.
මෙයට ලුණු ස්වල්පයක් එක් කරන්න.
අල ටික භාගෙට පමණක් තම්බා ගන්න.
දැන් ලිප නිවා අල ටික වෙනම භාජනයකට දමා ගන්න.
සිසිල් වනතුරු මදක් තිබෙන්නට හරින්න.


දැන් වෙනම භාජනයක් ගෙන එයට පාන්පිටි,කෝන් පිටි,මිරිස් කුඩු,කෑලි මිරිස්,බැසිල් පවුඩර් හෝ කරපිංචා කුඩු , තල ඇට,ලුණු සහ විනාකිරි එක් කරගන්න.

දැන් මෙම මිශ්‍රණය හොඳින් දියකර ගැනීම සඳහා වතුර ටිකක් එක් කරගන්න.
අපට මෙම මිශ්‍රණය සමාන්‍ය ප්‍රමාණයේ උකු ගතියට සාදාගත යුතු බැවින් වතුර වැඩි කරගනීමෙන් වළකින්න.

දැන් මෙම සකස් කරගත් උකු  මිශ්‍රණය බාගෙට තම්බා ගත් අල ටිකේ හොඳින් තවරා ගන්න.

දැන් මෙලෙස බැටරයේ තවරා ගත් අලටික පැය භාගයක් පමණ අධි ශීතකරණයේ තබා ගන්න.

ඉන්පසු තෙල් තාච්චිය ලිප තබා තෙල් ටික රත් වුනු පසු අල ටික අදිශීතකරණයෙන් එලියට ගෙන රන්වන් පැහැවනතුරු බැදගන්න.

උපරිම විනාඩි 3-4ක් සෑහේ.

දැන් හොඳින් බැදුනු අලපෙති ටික ටිෂූ පේපර් එකක් උඩට දමා තෙල් පෙඟෙන්නට හරින්න.

රසවත් අල බැදුම ස්නැක් එකක් විදිහට ඔබට භාවිතා කල හැක.

No comments:

Post a Comment